විකෘති ප්‍රභේද අඩපණ කරන්න පුළුවන්



තම විද්‍යාඥයන් දේශීයව නිපදවා ඇති 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නතට 'කොවිඩ් 19' වයිරසයේ විකෘති ප්‍රභේද පහසුවෙන් අඩපණ කිරීමට හැකි බව ඉරානය පවසයි.

මෙම නව එන්නත නිපදවා ඇත්තේ ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කොමේනී යටතේ පවතින 'සෙටාඩ්' ආයතනයයි. සියයට සියයක් ඉරාන තාක්ෂණය එන්නත නිපදවීම සඳහා යොදා ගෙන ඇති බව පැවැසෙයි.

එන්නත නම් කර ඇත්තේ 'කොව්ඉරාන්' යන නමිනි. එංගලන්තයෙන් ලොව පුරා ව්‍යාප්ත වුණු 'කොවිඩ් 19' විකෘති ප්‍රභේදය සම්බන්ධයෙන් සිදු කළ පර්යේෂණවලදී, එය අඩපණ කිරීමට 'කොව්ඉරාන්' සමත් වී ඇති බව ඉරාන විද්‍යාඥයෝ පවසති.

මැදපෙරදිග කලාපයේ 'කොවිඩ් 19' වයිරදයෙන් දැඩි ලෙස පීඩාවට පත් වී සිටින්නේ ඉරානයයි. ඉරාන සෞඛ්‍ය අංශ පවසන අන්දමට එරට වැසියන් දැන් මුහුණ දෙන්නේ වයිරසයේ තෙවැනි රැල්ලටය.

(අල් ජසීරා)


RECOMMEND POSTS