වැඩිම මරණ ඉරානයෙන්



චීනයෙන් පිට වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඉරානයෙනි. මේ වනවිට ඉරානයෙන් මරණ 26 ක් වාර්තා විය.

ඉරාන රජයේ මර්දනයට ලක් වුණු එරට විපක්ෂ දේශපාලන කණ්ඩායම් පවසා ඇත්තේ, ඉරානයේ කොරෝනා මරණ 100 ඉක්මවා ඇති බවත්, ඉරාන රජය එය වසං කරන බවත්ය.

ඉරානයේ කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍යවරිය මෙන්ම එරට උප ජනාධිපතිවරියක ද වන මසූමේ ඉබ්තිකාර් ට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ඉරාන රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS