වැටුප් පරිමාණය ඉහළ යයි



රජයේ සේවකයන්ගේ වැටුප් පරිමාණය වැඩි කිරීමට අබුඩාබි විධායක සභාවේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව, වැටුප් පරිමාණය, ශ්‍රේණිගත කිරීම සහ සේවක දීමනා ඉහළ යන බව රජයට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.

විශ්‍රාමිකයන්ගේ ජීවන මට්ටම උසස් කිරීමේ අරමුණින් විශ්‍රාම වැටුපද සැළකිය යුතු ප්‍රමාණයකින් ඉහළ දැමීමට රජය කටයුතු කරයි.

රජයේ සියලුම ආයතනවල සේවකයින් අතර සමානාත්මතාවය ඇති කිරීම වැටුප් පරිමාණ යෝජනාවේ ප්‍රධාන අරමුණ වෙයි.

2020 ජනවාරි 01 වන දින සිට බලපැවැත්වෙන අතර අබුඩාබියේ සියලුම රාජ්‍ය ආයතනවල සේවකයින්ට අදාළ වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)

RECOMMEND POSTS