වායු බැලූන සැණකෙළියක්



කටාර් රාජ්‍යයේ පළමු වරට උණුසුම් වායු බැලූන සැණකෙළියක් පැවැත්වෙයි. දින 12 ක් තිස්සේ පැවැත්වෙන මෙම වර්ණවත් සැණකෙළියට රටවල් 13 ක් සහභාගී වෙයි.

බැලූන සැණකෙළිය පැවැත්වෙන්නේ දෝහා අගනුවර ඇස්පයර් උද්‍යානයේය. එක්සත් රාජධානිය, ඇමෙරිකාව, ඉතාලිය, කොරේෂියාව, ප්‍රංශය, ලිතුවේනියාව, ස්පාඤ්ඤය, බෙල්ජියම ඇතුළු රටවල් සැණකෙළියට ඉදිරිපත් වී සිටී.

මෙම වායු බැලූන අඩි 2,000 ක් උසට ගමන් කරයි. සැණකෙළියට බැලූන 33 ක් ඇතුළත් වන බවත්, මේ වනවිටත් සැණකෙළිය කෙරෙහි කටාර් වැසියන්ගේ විශාල උනන්දුවක් පවතින බවත් එය සංවිධානය කරන මාරියම් අල් මවුසි අල් ජසීරා පුවත් සේවයට පවසා ඇත.

(අල් ජසීරා)


RECOMMEND POSTS