ව්‍යාපාරික හා සංචාරක ස්ථාන යළි විවෘත වේ



එක්සත් අරාබි එමීරේට්ස් රාජ්‍යයේ ව්‍යාපාරික හා සංචාරක කේන්ද්‍රස්ථාන යළි විවෘත කරන බව වාර්තා වේ.

ඒ අනුව, පොදු උද්‍යාන, හෝටල් සහ පෞද්ගලික වෙරළ තීරයන්ට පිවිසීමට අවසර හිමි වේ.

කොරෝනා වසංගතය මැඩපැවැත්වීමසඳහාපනවා ඇති සීමාවන් ක්‍රමයෙන් ලිහිල් කරන බව එමිරේට්ස් රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

සීමිත පාරිභෝගිකයන් සංඛ්‍යාවකින් භෝජනාගාර, අවන්හල් සහ සාප්පු සංකීර්ණ නැවත විවෘත කිරීමට ඉඩ ලබාදී තිබෙන අතර, ආගමික ස්ථාන, සිනමා ශාලා,පොදු වෙරළ තීරයන් සහ රාත්‍රී සමාජශාලා විවෘත කිරීමට අවසර ලබාදී නොමැත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS