ව්‍යාපාරික ස්ථාන පැය 24 විවෘතයි



සෞදි අරාබියේ ව්‍යාපාරික ස්ථාන පැය විසිහතරම (24X7) විවෘත කර තැබීමට අනුමැතිය හිමි වී ඇති බව වාර්තා වේ.

සෞදි ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම, තෘප්තිය වැඩිකිරීම සහ ව්‍යාපාරික අංශයේ නව අවස්ථාවන් උත්පාදනය කිරීමේ අරමුණින් සෞදි රජුගේ නායකත්වයෙන් යුත් සෞදි කැබිනට් මණ්ඩලය අදාල අනුමැතිය ලබා දී ඇත. 

ව්‍යාපාරික ස්ථාන පැය විසිහතරම  විවෘත කර තැබීමෙන් භාණ්ඩ හා සේවා ඉල්ලුම වැඩිවීම, පාරිභෝගික වියදම් ඉහළ යෑම සහ ආයෝජකයන් රට තුලට ඇදී ඒම වැනි කරුණු හේතුවෙන් සෞදි ආර්ථිකය විශාල දියුණුවක් ඇති වන බව වානිජ හා ආයෝජන අමාත්‍ය, ආචාර්ය මජීඩ් අල්-කසාබි ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS