ව්‍යාපාරිකයන් 246,737කට බලපත්‍ර



එමිරේට්ස් රජය ඉන්දියානු ව්‍යාපාරිකයන් 246,737දෙනෙකුට ක්‍රියාකාරී ව්‍යාපාරික බලපත්‍ර ලබාදී ඇති බව වාර්තා වේ.

ඉන්දියානු ව්‍යාපාරිකයන් 246,737 දෙනාට බලපත්‍ර 64,360ක් නිකුත් කළ බවත්, ඉන්දියානු සමාගම් රැකියා 854,234 උත්පාදනය කරන බව ඩුබායි ව්‍යාපාර ලියාපදංචි කිරීමේ අධිකාරිය පැවසීය. 

ඉලෙක්ට්‍රෝනික උපකරණ,ඇඳුම්,ගොඩනැගිලි ඉදිකිරීම්,නඩත්තු කටයුතු සහ පිරිසිදු කිරීම,යාන්ත්‍රික ඉංජිනේරු,උපදේශන, කළමනාකරණ, තොරතුරු තාක්ෂණ,ගොඩනැගිලි ද්‍රව්‍ය,ප්‍රවාහන, නැව්ගත කිරීම සහ ගබඩා කිරීම, කෑම-බීම, ඖෂධ, පොත් සහ ලිපි ද්‍රව්‍ය, විද්‍යුත් උපකරණ අළුත්වැඩියා කිරීම, දෘශ්‍ය හා දෘශ්‍ය පරීක්ෂණ සේවා, වෙළඳ දැන්වීම් සහමුද්‍රණය යන ක්ෂේත්‍රයන්ට අදාල ව්‍යාපාරිකයන්ට බලපත්‍ර ලබාදීමට එමිරේට්ස් රජය කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS