ව්‍යාජ කාසි තොගයක් අල්ලයි



කුවේටයට රැගෙන යෑමට උත්සහ කළ කුවේට් ඩිනාර් 2,000ක් වටිනා ව්‍යාජ කාසි තොගයක් අත්අඩංගුවට ගෙන ඇති බව වර්තා වේ.

කුවේට් අන්තර්ජාතික ගුවන්තොටුපොලේ රාජකාරි කටයුතුවල නිරත වී සිටි රේගු නිලධාරීන් පිරිසක් කාසි තොගය සැඟ වු කිලෝග්‍රෑම් 127ක් බර පාර්සලය සොයා ගෙන ඇත.

අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගෙන ව්‍යාජ කාසි සඟවා තිබු පාර්සලය විවෘත කළ බවත්, කාසි තොගය රාජසන්තක කිරීමට කටයුතු කළ බවත්, නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව රේගු අධ්‍යක්ෂ, ජමාල් අලවි පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS