ව්‍යාජ ඖෂධ නිෂ්පාදන වෙළඳපොලේ



සමාජ ජාල වෙබ් අඩවි උපයෝගි කරගනිමින් ව්‍යාජ ශාකසාර ඖෂධ නිෂ්පාදන විකුණන බවට ඕමාන් සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවයි.

ශරීරයට අහිතකර රසායනික වර්ග රාශියක් ඖෂධ නිෂ්පාදනවල අඩංගු වන බවට රසායනාගාර පරීක්ෂණ තුලින් තහවුරු වී ඇති බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත.

සමාජ ජාල ඔස්සේ විශාල ලෙස ව්‍යාජ ශාකසාර ඖෂධ නිෂ්පාදන අලෙවි කරන බවත්, එවැනි ව්‍යාජ නිෂ්පාදන ප්‍රවර්ධනය කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ඕමාන් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS