වසර 76 පසු වැඩිම උෂ්ණත්වය



කුවේටයෙන් සහ පකිස්ථානයෙන් ඉහළ උෂ්ණත්වයක් වාර්තා වී ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කර ඇත.

කුවේටයේ මිට්‍රිබා සහ පකිස්ථානයේ ටුබට් යන නගර දෙකේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 54 දක්වා ඉහළ ගොස් ඇත.

වසර හැත්තෑ හයකට (76) පසු වාර්තා වු ඉහළම උෂ්ණත්වය බව තහවුරු කරමින් ලෝක කාලගුණ විද්‍යා සංවිධානය නිවේදනයක් නිකුත් කර ඇත.

ලෝකයේ මෙතෙක් වාර්තා වී ඇති වැඩිම උෂණත්වය 1913 වර්ෂයේ කැලිෆෝනියා ප්‍රාන්තයෙන් සෙල්සියස් අංශක 56.7ක් සහ ටියුනිසියාවේ කෙබිලි නගරයෙන් සෙල්සියස් අංශක 55.0ක්1931දි වාර්තා වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS