වයිරසයට වඩා විරැකියාව ගැන වදවෙන තුර්කි වැසියෝ



කොරෝනා වයිරසය පැතිරීම හේතුවෙන් තම රැකියා අහිමිවනු ඇතැයි තුර්කි වැසියන් දැඩි බියකින් පසුවන සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

Strateji Co සහ ERA Research නමැති ආයතන විසින් මෙම සමීක්ෂණය සිදුකර ඇත. මාර්තු 19 සිට 21 දක්වා නගර 12ක පුද්ගලයන් 406 දෙනකු ආවරණය කරමින් සිදුකරන ලද සමීක්ෂණයට ලක්වූ අයගෙන් 68% ප්‍රමාණයක් වයස අවුරුදු 18-35ත් අතර වූ පිරිසකි. එහි දී අනාවරණය වී ඇත්තේ ඔවුන් වයිරසයට වඩා රැකියා අහිමිවීම ගැන සළකිලිමත් වන බවයි.

ඇතැම් ආයතන තම සේවකයන්ට නිවසේ සිට රාජකාරී කිරීමට අවස්ථාව ලබා දී ඇතත් වෙළෙඳ සැල්, බැංකු වැනි ස්ථානයන්හි සේවය කරන බොහෝ දෙනකුට තවමත් සේවා ස්ථානයේ සිටිය යුතු වේ.

සමීක්ෂණයට සම්බන්ධ වූ බොහෝ දෙනා පවසන්නේ කොවිඩ් - 19 වැළැක්වීම සඳහා තුර්කිය ගෙන යන ක්‍රියාමාර්ග ඉදිරි මාස හතරක පමණ කාලයක් පැවතිය හැකි බවයි. මේ නිසා තම රැකියා තත්ත්වය වඩාත් අස්ථාවර බව ඔවුන්ගේ අදහස වී තිබේ.

මෙවැනි තත්ත්වයක් යටතේ වුව ද ආයතන පරිපාලකයන් ඔවුන්ට නියෝග කර ඇත්තේ මෙතෙක් භාවිතා නොකළ වාර්ෂික නිවාඩු ගන්නා ලෙසයි.

ස්තාන්බුල් කොක් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්චය සෙල්වා ඩෙමිරාල්ප් පැවසුවේ කොවිඩ් -19 මගින් ඇතිකරන ලද ආර්ථික පසුබෑම තුර්කියේ විරැකියා අනුපාතය ඉහළ යාමට හේතුවිය හැකි බයි. නවතම නිල දත්තයන්ට අනුව, 2019 දෙසැම්බර් තුර්කියේ විරැකියා අනුපාතය සියයට 13.7ක් වූ අතර රටේ වයස අවුරුදු 15 සහ ඊට වැඩි රැකියා විරහිත පුද්ගලන්ගේ සංඛ්‍යාව ලක්ෂ 44ක් විය. වසංගතයෙන් දැනටමත් බෙහෙවින් බලපා ඇති සේවා අංශයට විරැකියාව පළමුව බලපානු ඇත. සමාජ හුදකලාව හේතුවෙන් මෙම අංශවල ව්‍යාපාරවල ක්‍රියාකාරකම් පහත වැටෙන බැවින් ඔවුන් තම සේවකයන් ඉවත් කරනු ඇත.


RECOMMEND POSTS