ලෝක පිළිකා දිනය සමරයි



ඕමානය ලෝක පිළිකා දිනය සැමරීම සඳහා විශේෂ වැඩසටහන් කීපයක් සංවිධානය කර තිබු බව වාර්තා වේ.

මස්කට් නුවර රජයේ සහ පෞද්ගලික පාසල්වල දරුවන් 2,700කගේ සහාභාගීත්වයෙන් පිළිකා පිළිබඳව දැණුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් සුල්තාන් කබූස් ක්‍රීඩා සංකීර්ණයේ දි ඕමාන් පිළිකා සංගමය සංවිධානය කළේ ය.

පිළිකා පිළිබඳව දැණුවත් කිරීමේ ජාතික වැඩසටහන 2008 වර්ෂයේ දි ඕමාන් පිළිකා සංගමය සංවිධානය ආරම්භ කර ඇත.

පෙබරවාරි 04 දිනට යෙදී තිබු පිළිකා දිනයේ දී පියයුරු පිළිකා, කොලෙස්ටරෝල් පිළිකා, පෙනහළු පිළිකා සහ දුම් පානය කරන්නන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, ඹස්කට් නුවර)


RECOMMEND POSTS