ලොව දිගම යකඩ ආරුක්කු පාලම



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය ලොව දිගම යකඩ ආරුක්කු පාලමට හිමි ගිනස් ලෝක වාර්තාව හිමි කරගැනීමට සමත් වී ඇති බව වාර්තා වේ.

පාලමේ දිග මීටර් 32.37ක් වන අතර රස් අල්-කයීමා මාර්ග ව්‍යාපෘතියේ කොටසක් ලෙස ෂමල් ප්‍රදේශයේ පාලම ඉදිකර ඇත.

පෝලන්තයේ මීට පෙර මීටර් 26ක් දිග යකඩ ආරුක්කු පාලමක් ඉදිකර ඇති බව එමිරේට්ස් යටිතල පහසුකම් සංවර්ධනය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය. 

ගිනස් ලෝක වාර්තාවට අදාල සහතික පත්‍රය එමිරේට්ස් යටිතල පහසුකම් සංවර්ධනය අමාත්‍ය, අබ්දුල්ලා බින් බල්හායිෆ් අල්- නිවාමිට ප්‍රදානය කර ඇති අතර ගිනස් ලෝක වාර්තා කමිටුවේ නිලධාරීන් කීපදෙනෙක්ද සහතිකය ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගි වී ඇත.

පාලම ඉදිකිරීම සඳහා එමිරෙට්ස් ඩිරාම් මිලියන 18ක් වියදම් කර ඇති අතර පැයකට වාහන 2,000ක් ගමන් කිරීමේ හැකියාව පවතියි.

කිසිදු නඩත්තුවකින් තොරව වසර 104ක කාලයක් භාවිතා කිරීමේ හැකියාව පවතින බව අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)


RECOMMEND POSTS