ලොකුම ත්‍රස්තවාදීයා ඉරානය: විදේශ ඇමති



ඉරානයට බලපෑම් කිරීම වේගවත් කරන ලෙස සෞදි විදේශ කටයුතු අමාත්‍ය, ඇඩෙල් අල්-ජබීර් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා ඇත.

ඉරානයේ විනාශකාරී හැසිරීම වෙනස් කිරීමට සහ ලෝකයේ විශාලතම ත්‍රස්තවාදී අනුග්‍රාහකයා ලෙස කටයුතු කිරීම වැළැක්වීම සඳහා එකමුතුව කටයුතු කරන ලෙසද විදේශ අමාත්‍යවරයා ඉල්ලා ඇත.

සෞදි අරාබිය ඉරානය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට1979 සිට උත්සහ කළත්, මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැති බවත්, ත්‍රස්තවාදී ක්‍රියාවන්ට විශාල ලෙස සහයෝගය ලබා දෙමින් මැදපෙරදිග කලාපයම අස්ථාවර කිරීමට ඉරානය කටයුතු කරන බව බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර පැවති යුරෝපා පාර්ලිමේන්තු විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ සැසිවාරය අමතමින්ඇමතිවරයා ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS