ලෙබනන් දේශසීමාවේ වෙඩි හුවමාරුවක්



ඊශ්‍රායල හමුදා සොල්දාදුවන් සහ ලෙබනනයේ හිස්බුල්ලා සාමාජිකයන් අතර ලෙබනන් දේශසීමාවේ වෙඩි හුවමාරුවක් සිදුවුණු බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය සහ ඊශ්‍රායල හමුදා සොල්දාදුවන් අතර අර්බුදයක් නිර්මාණය වූයේ, හිස්බුල්ලා සන්නද්ධ අංශය ඊශ්‍රායල දේශසීමාවේ පිහිටි අවීවිම් නමැති නගරයට එල්ල වූ මිසයිල ප්‍රහාරයයි.

ඉරානයේ ද සහාය ලබන බවට චෝදනා එල්ල වන හිස්බුල්ලා සංවිධානය දේශපාලනික අංශය සහ සන්නද්ධ අංශය ආදී වශයෙන් කොටස් දෙකකි. ගැටුම්වලට මැදිවී සිටින්නේ සන්නද්ධ අංශයයි. මෙය ත්‍රස්ත සංවිධානයක් ලෙස ඇමෙරිකාව විසින් සලකනු ලබයි.

නාසෝහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS