ලෙබනනයේ සිවිල් යුද්ධයක් හටගනීවි යැයි බියක්



ලෙබනනයේ දේශපාලන අර්බුදය දිනෙන් දින උත්සන්න වීමත් සමඟ එරට සිවිල් යුද්ධයක් හටගැනීමේ අවදානමක් පවතින බව දේශපාලන විශ්ලේෂකයෝ බිය පළ කරති.

පසුගිය මාසයේ ලෙබනනනේ දේශපාලන අර්බුදයක් නිර්මාණය විය. ඒ ලෙබනනය ආර්ථික අර්බුදයකට මුහුණ පෑමත් සමඟය. ලෙබනන් ඇමැතිවරුන් සුඛෝපබෝගී ජීවිත ගත කරනවා යැයි ජනතාව චෝදනා කරන්න වූ අතර රට පුරා විරෝධතා ආරම්භ විය.

අගමැති සාද් හරීරී, රජය විසුරුවා හැරියේය. මැතිවරණයක් පවත්වනතුරු ඔහු භාරකාර අගමැතිවරයා ලෙස ධුරයේ රැඳී සිටින බව පැවැසුවේය.

හටගත් ජනතා නොසන්සුන්තා අඩු නොවුණු අතර, හිස්බුල්ලා හිතවාදී පාක්ෂිකයන් සහ අමාල් පෙරමුණේ සාමාජිකයන් අතර ගැටුම් නිර්මාණය වී තිබේ. හිස්බුල්ලා මෙන්ම අමාල් සාමාජිකයන් ද ලෙබනන් හමුදාවට සහාය පළ කරයි.

1978 සිට 1990 තෙක් කාලය් ලෙබනයේ සිවිල් යුද්ධයක් පැවැතිණි. ඒ, බීරූට් අගනුවර නැගෙනහිර ක්‍රිස්තියානුවන් සහ බීරූට් නුවර බටහිර මුස්ලිම්වරුන් අතරේය.

බීරූට්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS