ලෙබනනයේ කොරෝනා ආසාදිතයෝ 10,000 ක්



ලෙබනනයේ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණන මේ වනවිට 10,000 සීමාව පසු කර තිබේ.

ලෙබනන් සෞඛ්‍ය අංශ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එරට සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 100,703 ක් බවය. ලෙබනනයෙන් වාර්තා වන සමත් කොරෝනා මරණ ගණන 775 කි.
ලෙබනනයේ ජනගහනය මිලියන 6 කි. පසුගිය සති කීපය පුරා දිනපතා ලෙබනනයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් ගණන 10,000 ඉක්මවූ බව පැවැසෙයි.

ලෙබනනයේ භාරකාර අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කරන හසාන් දියාබ් මෙම නොවැම්බර් 30 වැනිදා තෙක් ලෙබනනය ලොක්ඩවුන් කර තැබීමට තීරණය කර තිබේ. ඒ, වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමේ අරමුණින්ය.

බීරූට්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS