ලිබියාවේ ටි‍්‍රපොලි අගනුවර දරුණු අවි ගැටුම්



ලිබියාවේ ටි‍්‍රපොලි අගනුවර මේ වනවිට දරුණු අවි ගැටුම් ආරම්භ වී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

ගැටුම් පවතින්නේ එක්සත් ජාතීන්ගේ සහාය ලබන සහ එක්සත් ජාතීන්ගේ අනුග‍්‍රහයෙන් පිහිටුවූ ලිබියා රජයේ හමුදා සහ රජය පෙරළා දැමීමට කුමන්ත‍්‍රණයක් ආරම්භ කළ හමුදා ජනරාල් කලීෆා හෆ්තාර්ගේ හමුදා අතරේය. ජනරාල්වරයාට හිතවත් සන්න්දධ කල්ලි රැුසක් ද ඔහුට සහාය පළ කරමින් සටනට එක් වී සිටින බව පැවැසෙයි.

ජනරාල් කලීෆා හෆ්තාර් සහ ඔහුගේ හමුදා උත්සාහ ගන්නේ ටි‍්‍රපොලි අගනුවර පහර දී අත්පත් කර ගැනීමටය. ඔවුන් නගරයේ දකුණු දෙසින් ප‍්‍රහාර ආරම්භ කළ අතර, ලිබියා අගමැති ෆයාස් අල් සෙරා තීරණය කළේ කැරැුලිකාර හමුදාවලට පහර දිය යුතු බවය. ඒ අනුව, දෙපාර්ශ්වය අතර සටන් ඇවිලෙන්න විය.

පසුගිය දින කීපයේ හටගත් අවි ගැටුම් හේතුවෙන් මේ වනවිට 220 ක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි ලිබියානු පුවත් සේවා සඳහන් කරයි. ලිබියා රජය කියා සිටියේ, ඔවුන් කැරැුලිකාර හමුදා ජනරාල්වරයාගේ සොල්දාදුවන් ඉලක්ක කර ගනිමින්, ගුවන් ප‍්‍රහාර ආරම්භ කර ඇති බවය.

ජනරාල් කලීෆා හෆ්තාර් සහ ඔහුගේ හමුදාව පවසා ඇත්කේ ටි‍්‍රපොලි අගනුවර ගුවන්තොටුපොළ අල්ලා ගැනීමට තමන් සමත් වී සිටින බවය. ගුවන්තොටුපොළ අල්ලා ගැනීම සිදුවුණු බව පැවැසෙන්නේ ද දරුණු අවි ගැටුම්වලින් පසුවය.

ටි‍්‍රපොලිහිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS