ලාබාලතම කොරෝනා රෝගීයාට අවුරුද්දයි



ඕමානයේ ලාබාලතම කොරෝනා රෝගියාගේ වයස අවුරුද්දක් වන බව වාර්තා වේ.

කොරෝනාආසාදනයවීමේ අවදානම කාන්තාවන්ට වඩා පිරිමින්ට වැඩි බවත්, ලාබාලතම කොරෝනා රෝගියාගේ වයස අවුරුද්දක් වන බව ෂබීබා  ගුවන්විදුලි නාලිකාව සමඟ සංවාදයකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය, වෛද්‍ය අහමඩ් අල් සයිඩි පැවසීය.

මීටරයක දුර ප්‍රමාණය පවත්වා ගෙන යෑම ඉතා වැදගත්බවත්, ඔබේ සහ ඔබේ ආදරණීයයන්ගේ සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීම සඳහා අවම වශයෙන් ඉදිරි සති හතරක කාලය තුළ ස්ව්‍යං-නිරෝධායනය වන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS