ලාංකිකයෝ දෙදෙනකුට තුවාල



ලෙබනනයේ බීරූට් නුවර වරායේ සිදුවුණු පිපිරීමෙන් ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

ලෙබනනයේ ජීවත් වන ශ්‍රී ලාංකිකයින් ගණන 25,000 ක් පමණය.

බීරූට් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට සහ තානාපති කාර්යාල නිලධාරින්ගේ නිවාසවලට ද සුළු හානි සිදුවී තිබේ.

ලෙබනන මහජන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තවත් තොරතුරු බලාපොරොත්තුවෙන් සිටින බව ද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩි දුරටත් පවසා තිබේ.


RECOMMEND POSTS