ලතීෆා කුමරියගේ වීඩියෝව



ඩුබායි පාලක ෂෙයික් මොහොමද් බින් රෂීද් අල් මක්ටුම්ගේ දියණිය වන 35 හැවිරිදි ලතීෆා කුමරිය නිකුත් කළ වීඩියෝ පණිවුඩය දැකීමෙන්, තමන් මහත් සේ කම්පනයට පත්වුණු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රධානී මිෂෙල් බැචලේ පවසා තිබේ.

ලතීෆා කුමරිය, හොර රහසේ එම වීඩියෝව පටිගත කර ඇත්තේ ජංගම දුරකතනයක් මගිනි. ඒ නානකාමරයක සැඟවී සිටිද්දීය. ඇය වීඩියෝව හරහා පවසා ඇත්තේ තම පියා තමන් සිරකාරියක ලෙස සඟවා රඳවාගෙන සිටින බවය.

35 හැවිරිදි වියෙහි පසුවන ලතීෆා කුමරිය 2018 දී එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයෙන් පලා යෑමට උත්සාහ කළේ යැයි පැවැසිණි. ඉන්පසු ඇය ගැන කිසිදු තොරතුරක් වාර්තා වූයේ නැත.

තමන් පිය රජුගෙන් වෙන් වී, රටින් ද පලා යන්නේ, තමන්ට පනවා ඇති තහංදි නිසා යැයි ද එම අවස්ථාවේදී කුමරිය මාධ්‍ය වෙත පණිවුඩයක් නිකුත් කරමින් පවසා තිබුණි.

කෙසේ නමුත් පලා යමින් සිටි කුමරිය අල්ලා ගැනීමට පියා අල් මක්ටුම් සමත් විය.

එදා සිට තමන් තම පිය රජුගේ සිරකාරියක වී සිටින බව කුමරිය චෝදනා කර තිබේ. නානාකාමරයේ සිට රහසිගතව පටිගත කළ එම වීඩියෝව, කුමරිය ප්‍රසිද්ධියට පත් කර ඇත්තේ බීබීසී පුවත් නාළිකාවේ ‘පැනරෝමා’ නමැති ගවේෂණාත්මක පුවත් වැඩසටහනට යැවීමෙනි. විදෙස් පුවත් සේවා ඔස්සේ ප්‍රසිද්ධියට පත් වූයේ එම වීඩියෝවය.

තෙහෙරාන්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS