ලංකාවේ කුකුලු මස් ඕමානයට



ශ්‍රී ලංකාවේ කුකුලු මස් නිෂ්පාදනයන් ඕමානයේ අලෙවි කිරීමට පියවර ගෙන ඇතැයි ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.

ඒ අනුව ඕමානයේ අල් හමාඩ් ඇන්ඩ් කන්ට්‍රෑක්ට් එල්.එල්.සී සමාගමට අයත් අලෙවිසැල් හරහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛපෙළේ කුකුලු මස් නිෂ්පාදන සමාගමක් වන ‘ක්‍රිස්බෝ ‘ ශීත කළ කුකුලු මස් අලෙවි කිරීම ආරම්භ කර ඇතැයි ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩිදුරටත් කියා සිටී.

පසුගිය වසරේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආර්ථික රාජ්‍යතාන්ත්‍රික වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ කුකුලු මස් නිෂ්පාදන අපනයනය කිරීමට එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආරම්භ කරන ලදී.මීට පෙර ශ්‍රී ලංකාවේ ෆාම්ස් ප්‍රයිඩ් පුද්ගලික සමාගමද ඕමානයට කුකුලු මස් මෙට්‍රික් ටොන් 30 ක් අපනයනය කළේය.

එය මැදපෙරදිග වෙළදපොළට ශ්‍රී ලංකාවේ කුකුලු මස් නිෂ්පාදන අලෙවි කළ ප්‍රථම අවස්ථාව වේ.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS