රෝහල්වලට දැඩි ක්‍රියාමාර්ග ගනියි



නව කොරෝනා රෝගීන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදි නොසැලකිලිමත්කමින් කටයුතු කරන පෞද්ගලික රෝහල්වලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට යයි.

නිසියාකාරව රාජකාරි භාර ගැනීමට අපොහොසත් වන වෛද්‍යවරුන්ගේ සේවය අත්හිටුවීමත්, සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදී ඇති උපදෙස් පිළිපැදීමට අපොහොසත් වන ඕනෑම පෞද්ගලික වෛද්‍ය ආයතනයකට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව පෞද්ගලික වෛද්‍ය සේවා සහකාර උප-ලේකම්, වෛද්‍ය ෆාතිමා අල්-නජ්ජාර් පැවසුවාය.

වෛරසය වැළඳි ඇති රෝගීන් හැකි ඉක්මණින් රජයේ රෝහලකට මාරු කරන ලෙස වෛද්‍ය අල්-නජ්ජාර් පෞද්ගලික රෝහල්වලට නිකුත් කරන ලද චක්‍රලේඛනයේ සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS