රෝගීන් 247කට රුධිර ප්ලාස්මා දෙයි



අබුඩාබි නුවර කොරෝනා රෝගීන් 247 දෙනෙක්ට රුධිර ප්ලස්මා ලබාදීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

කොරෝනා වෛරසය සුව වු පරිත්‍යාගශීලී පුද්ගලයන් හාරසිය දෙදෙනෙක්ගෙන් (402) රුධිර ප්ලාස්මා බුඩාබි සෞඛ්‍ය සේවා සමාගම ලබාගෙන කොරෝනා ආසාදිතයන් 247 දෙනාට ලබාදීමට කටයුතු කර ඇත.

රුධිර ප්ලාස්ම සාම්පල 18,811ක් මේදක්වාලබාගෙන ඇති අතර, කොරෝනා ආසාදිතයන්ට ලබාදීම සඳහා බුඩාබි නුවර ෂෙයික් කලීෆා වෛද්‍ය නගරයේ සහ අල්-අයින් නගරයේ තවාන් රෝහලේ ලේ බැංකු තුල ගබඩා කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)

RECOMMEND POSTS