රුසියා ජනපති පුටින් එමිරේට්ස් රාජ්‍යයේ
සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඊයේ (15) එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට පැමිණියේය.
පුටින් අබුඩාබි බලා පැමිණි අවස්ථාවේදී, අබුඩාබි ගුවන්තොටුපොළේ සිට ඔහුට උණුසුම් පිළිගැනීමක් හිමිවිය. අබුඩාබි ඔටුන්න හිමි කුමරු මොහොමද් බින් සයාද් අල් නහ්යාන් රුසියන් ජනාධිපතිවරයා පිළිගැනීමට ගුවන්තොටුපොළට පැමිණියේය.
රුසියන් ජනාධිපතිවරයා සහ කුමරු අතරේ ද්වී පාර්ශ්වීක සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් සාකච්ඡා පැවැත්විණි. ඇමෙරිකන් ඩොලර් බිලියන 1.3 ක අයෝජන ඇතිකර ගැනීම සම්බන්ධයෙන් රුසියන් ජනාධිපතිවරයා ගිවිසුම් කීපයකට අත්සන් තැබුවේය.
(අල් ජසීරා)