රිය අනතුරුකින් 5 මරුට



කුවේටයේ අල්-අන්බා නගරයේ ෆාඩ් රජු අධිවේගී මාර්ගයේ සිදු වු රිය අනතුරකින් පුද්ගලයින් පස්දෙනෙක් ජිවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ.

ජිවිතක්ෂයට පත් වු පුද්ගලයින් පස්දෙනාම ඊජිප්තු ජාතිකයන් බව කුවේට් පොලීසිය ප්‍රකාශ කළේ ය.

ආසියාතික රියදුරෙක් පැද වු බවුසරයක් පාලනය කරගැනීමට නොහැකිවීමෙන් ඊජිප්තු ජාතිකයන් පස්දෙනාම යට කරගෙන ගොස් ඇති අතර හතර දෙනෙක් අනතුර සිදු වු ස්ථානයේදිම ජිවිතක්ෂයට පත් වී ඇත.

අල්-අඩාන් රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එක් ඊජිප්තු ජාතිකයෙක් ජීවිතක්ෂයට පත් වු බව පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS