රියාල් 10ක බද්දක් අය කරයි



සෞදි අරාබියේ අභ්‍යන්තර ගුවන් ගමන්වල යෙදෙන ගුවන් මඟීන්ගෙන් සෞදි රියාල් 10 ක බද්දක් අය කිරීමට යන බව වාර්තා වේ.

ගුවන්තොටුපල පහසුකම් භාවිතා කරන අභ්‍යන්තර ගුවන් මගීන් අදාල බද්ද ගෙවි යුතු බව සෞදි සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කළේ ය.

ගුවන්තොටුපොලවල්වල යටිතල පහසුකම් සංවර්ධන කිරීම, සේවා ප්‍රමිතිය ඉහළ නැංවීම සහ පහසුකම් නවීකරණය කිරීම සඳහා අයකරනු ලබන බදු මුදල් භාවිතා කරන බව අධිකාරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

2020ජනවාරි 01 දා සිට බදු මුදල් අය කරගන්නා ලෙස සියළුම ගුවන් සමාගම්වලට සෞදි සිවිල් ගුවන් සේවා අධිකාරිය දැණුම් දී ඇත.

අලුත උපන් බිළිඳුන්, කැබිනට් කාර්ය මණ්ඩලය සාමාජිකයන් සහ වෙනත් ගමනාන්ත සඳහා ගුවන්තොටුපොලවල්වලට පැමිණෙන ගුවන් මගීන්ගෙන් අදාල බදු මුදල් අයකිරීම නිදහස් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS