රියාද් වර්ණවත් කළ සංස්කෘතික පෙළහර



සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා සංස්කෘතික සංසදය විසින් ඉදිරිපත් කළ “ශ්‍රී ලංකා සංස්කෘතික පෙළහර” ප්‍රසංගය ඉකුත් 8 දින රියාද් නුවර පිහිටි එම තානාපති කාර්යාල පරිශ්‍රයේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි.

මෙම ප්‍රසංගය සඳහා ජනප්‍රිය ශ්‍රී ලංකික සංගීතඥයින් වන කීර්ති පැස්කුවෙල් සහ මිලාන් රොඩ්‍රිගෝ යන මහත්වරුන් ද සහභාගී වූහ.

තවද ශ්‍රී ලාංකීය ප්‍රජාවගේ දරු දැරියන් විසින් විවිධ නර්ථන විශේෂාංග වලින් මෙම ප්‍රසංගය වර්ණවත් කළහ.

මෙවැනි සංගීත ප්‍රසංගයක් රියාද් නගරයෙහි පවත්වනු ලැබූයේ වසර 15 ක පමණ නිහැඩියාවකින් පසුවය යැයිද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සදහන් කර සිටී.

මෙම ප්‍රසංගය සඳහා අති විශාල ශ්‍රී ලාංකික පිරිසක් සහභාගී වූ අතර ඔවුන් වෙත රාත්‍රී භෝජන සංග්‍රහයක්ද තානාපති කාර්යාලය විසින් සංවිධානය කර තිබුණි.


RECOMMEND POSTS