රියදුරන්ට වැඩ වරදියි



මෝටර් රථ ධාවනය කරන අවස්ථාවන්වලදි ජංගම දුරකථන හෝ ඉලෙක්ට්‍රෝනික් උපකරණ භාවිතා කරන රියදුරන්ට ඕමාන රජය නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව වාර්තා වේ.

පළමු වරට දුරකථනයක් හෝ වෙනත් ඉලෙක්ට්‍රොනික උපකරණ භාවිතා කිරීම සඳහා දඩ මුදල ඕමාන් රියාල් 15ක් වන බවත්, දින 60ක කාලය තුල නැවත එම වරදම සිදුකළහොත් උසාවියට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව රාජකීය ඕමාන් පොලිසිය පැවසීය.

උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු ඕමාන් රියාල් 300ක දඩමුදලක් හෝ දින දහයකට බන්ධනාගාර ගත කරන බව ඕමාන් රාජකීය පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් රියදුරන් දැණුවත් කිරීමට කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS