රැකියා කොන්ත්‍රාත්තු 1,183 ක් අවලංගු කරයි



කුවේට් රජය රජයේ ආයතන 83කට අයත් විදේශ ශ්‍රමිකයන්ගේ රැකියා කොන්ත්‍රාත්තු 1,183ක් අවලංගු කරන බව වාර්තා වේ.

කුවේට් ශ්‍රම බලකාය සමතුලිත කරමින් වැඩි රැකියා ප්‍රමාණයක් කුවේට් ජාතිකයන්ට ලබාදීමේ අරමුණින් අදාල ‍කොන්ත්‍රාත්තු ප්‍රමාණය අවලංගු කිරීමට කුවේට් රජය කටයුතු කරයි.

දැනට රජයේ ආයතන පහළොවකට අයත් විදේශ ශ්‍රමිකයන් 626කට රැකියා අහිමි වන බව වාර්තා වේ.

2019 දෙසැම්බර් මාසය අවසන් වන විට, කුවේටයේ විදේශිකයන් 120,000 ක් රාජ්‍ය අංශයේ සේවය කරමින් සිට ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS