රැකියාවක් දී හිරේ යයි



නීතිවිරෝධි විදේශ ශ්‍රමිකයෙක්ට රැකියාවක් ලබාදීම හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙක්ට සිරදඩුවම් විදීමට සිදු වී ඇත.

රියාද් නුවර ප්ලාස්ටික් කර්මාන්ත ශාලාවක රැකියාවක් ලබාදීමට කටයුතු කිරීම හේතුවෙන් සෞදි රැකියා ඒජන්තවරයෙක්ට සහ ඕමාන ජාතිකයෙක්ට මාස තුනක සිරදඩුවමක් සහ සෞදි රියාල් 300,000ක දඩයක් සෞදි අපරාධ අධිකරණය නියම කර ඇත.

ප්ලාස්ටික් කර්මාන්ත ශාලාව වසාදමා සියළුම බලපත්‍ර අවලංගු කිරීමට කටයුතු කළ බවත්, විදේශ ශ්‍රමිකයාව පිටුවහල් කළ බවත්, අධිකරණ තීන්දුව වරදකරුවන්ගේ වියදමින් ප්‍රදේශිය පුවත්පත් දෙකක පළ කළ බව වාණිජ හා ආයෝජන අමාත්‍යාංශ්‍ය පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS