රාජ්‍ය ලේකම් සෞදි රජු හමුවෙයි



ගල්ෆ් අර්බුදය අවසන් කිරීමේ අරමුණින් කටාර් රාජ්‍යයේ සංචාරය කිරීමෙන් පසු  එක්සත් ජනපද රාජ්‍ය ලේකම්, රෙක්ස් ටිලිසන් පසුගිය දා සෞදි රාජ්‍යයට පැමිණ සෞදි රජු හමු වී බව ජි.ඩි.එන් ඔන්ලයින් වාර්තා කළේය.

සෞදි රජු සහ රාජ්‍ය ලේකම් ගල්ෆ් කලාපයට බලපා ඇති ත්‍රස්තවාදය සහ ත්‍රස්තවාදීන්ගේ මුල්‍ය කටයුතු නතර කිරීම සදහා ගතයුතු ක්‍රියාමාර්ගයන් මෙන්ම කටාර් රාජ්‍යය සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය.

කටාර් රාජ්‍යය ත්‍රස්තවාදී සහ අන්තවාදී සංවිධාන වලට උපකාර කරන බවට චෝදනා කරමින් සෞදි අරාබිය, එමිරේට්ස් රාජ්‍යය, බහරේන් රාජ්‍යය සහ ඊජිප්තුව යන රටවල් කටාර් රාජ්‍යය සමඟ රාජ්‍යතාන්ත්‍රිකසම්බන්ධතාවයන් අත්හැර මාසයකට වැඩි කාලයක් ගත වන අතර ඒක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා සමඟ කටාර් රාජ්‍යය අත්සන් කරන ලද ත්‍රස්ත විරෝධි ගිවිසුම විවේචනය ලක් කර ගිවිසුම් අත්සන් කිරීම ප්‍රමාණවත් නෙවන බව පවසමින් එම රටවල් හතර ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

සෞදි රජු හමු වීමෙන් පසු එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයාසෞදි අරාබිය, එමිරේට්ස් රාජ්‍යය, බහරේනරාජ්‍යය සහ ඊජිප්තුව යන රටවල විදේශ අමාත්‍යවරුන් ජෙඩා නගරයේදි හමුවු බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS