රහස් දුන් ට්විටර් සේවකයෝ අත්අඩංගුවට



සෞදි රජයේ උදහසට ලක්වුණු පුද්ගලයන්ගේ පෞද්ගලික දත්ත සෞදි රජයට ලබා දුන්නේ යැයි ට්විටර් සමාගමේ සේවකයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගැනීම කළේ එෆ්.බී.අයි. කාර්යාංශයේ මැදිහත්වීමෙනි. එෆ්.බී.අයි. නිලධාරීන් පවසා ඇත්තේ ලැබුණු රහස් තොරතුරකය අනුව තමන් අත්අඩංගුවට ගැනීම් කළ බවය. අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇමෙරිකානු පුරවැසියන් බව ද පැවැසෙයි. ඔවුන් වසර ගණනක් තිස්සේ සෞදි රජය සමඟ සමීප සබඳතා පවත්වා ඇත.

2015 වසරේ දී මොවුන් දෙදෙනා සෞදි රජයට එරෙහිව කටයුතු කරන, ට්විටර් ගිණුම් හිමිකරුවන් 6,000 කගේ දත්ත සෞදි රජයට ලබා දී ඇති බව ද පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS