රථවාහන දඩ 50% අඩු වෙයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ සාජා නුවර රථවාහන පොලීසිය අයකර ගෙන ඇතිදඩ මුදල්වලින් 50%ක් කපාහැරීමට තීරණය කර ඇත.

ජනවාරි 31දා දක්වා සිදුකර ඇති මාර්ග නීති උල්ලංඝනය කිරීම්වලට අදාලව දඩු මුදල් කපාහැරීමට විධායක සභාව නියෝග කර ඇති අතර මාර්ග නීති උල්ලංඝනය කිරීම්වලට අදාලව රියදුරන්ගෙන් අඩුකරන ලද රථවාහන ලකුණුද ආපසු ලබාදීමට නියෝග කර ඇත.

සාජා ඔටුන්න හිමි කුමරු සහ නියෝජ්‍ය පාලක, ෂයික් සුල්තාන් බින් මොහොමඩ් බින් සුල්තාන් අල්-කාසීම් විධායක සභාවේ මූලාසනය දරා ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, සාජා නුවර)

RECOMMEND POSTS