රතු අඩ සඳ සංවිධානය ආහාර බෙදයි



කුවේට් රතු අඩසඳ සංවිධානය ජෙලීබ් අල්-ෂුයුක් හි වෙසෙන කම්කරුවන්ට සහ ජනතාවට ආහාර පෙට්ටි 1,000 ක් බෙදා දී ඇති බව වාර්තා වේ.

කොරෝනා වසංගතයෙන් පීඩා විඳින ජනතාවට ආහාර බෙදාදීමට රතු අඩසඳ සංවිධානය කටයුතු කර ඇති අතර, ලොක්ඩවුන් කර ඇති ජලීබ් අල්-ෂුයුක්, මහබෞලා, ෆර්වානියා, කයිතන් සහහවාලියන ප්‍රදේශ වලටආහාර පෙට්ටි බෙදාදීමට රතු අඩසඳ සංවිධානය ප්‍රමුඛතාවය ලබා දී ඇත.

එක් ආහාර පෙට්ටියක මාසයක ප්‍රමාණවත් සහල්, තෙල්, සීනි, තේ සහ ටින් කළ ආහාර අඩංගු කර ඇත.

ජනතාව කඩසාප්පුවලට ගමන් කිරීම වැළැක්වීම සඳහා ආහාර පෙට්ටි බෙදාදීමට කටයුතු කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS