රජයක් පිහිටුවීමේ අවස්ථාව යළිත් නෙදන්යාහුට



අවසන් වරට පැවැති මහ මැතිවරණයෙන් ද කිසිදු පක්ෂයට බහුතර බලයක් හිමි නොවීමත් සමඟ යළිත් වරක් රජයක් පිහිටුවීමේ අවස්ථාව අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරන බෙන්ජමින් නෙදන්යාහුට ලබා දෙන බව ඊශ්‍රායල ජනාධිපති රියුවෙන් රිව්ලින් පවසා තිබේ.

ඊශ්‍රායල පාර්ලිමේන්තුව හැඳින්වෙන්නේ සාමාජිකයන් 120 දෙනකුගෙන් සමන්විත ‘නෙසෙට්’ සභාව යනුවෙනි. මහ මැතිවරණය පැවැත්වූයේ පසුගිය මාර්තු 23 වැනිදාය. වසර දෙකක් ඇතුළත පැවැති සිවුවැනි මැතිවරණය වූයේ මෙයයි.

බහුතරය සඳහා ආසන 61 ක් දිනා ගැනීමට අවශ්‍ය වුවත්, අග්‍රාමාත්‍ය නෙදන්යාහුගේ ලිකුද් පක්ෂයට දිනා ගැනීමට හැකිවූයේ ආසන 52 ක් පමණි.  ඒ අනුව, සන්ධානගතවීමට කැමැති සෙසු දේශපාලන පක්ෂ හවුල් කර ගනිමින් රජයක් පිහිටුවීම සඳහා මේ වනවිට සාකච්ඡා ආරම්භ වී ඇතැයි පැවැසෙයි.

ටෙල් අවීව්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS