යේමන සිවිල් යුද්ධයෙන් මියගිය ගණන 70,000 ක්



යේමන සිවිල් යුද්ධය හේතුවෙන් මියගිය ගණන 70,000 තෙක් ඉහළ ගොස් ඇතැයි විදෙස් රාජ්‍ය නොවන සංවිධාන නිකුත් කළ වාර්තාවක සඳහන් වෙයි.

පසුගිය මාස පහේදී පමණක් මියගිය ගණන 10,000 ට වැඩිය. මියගිය පිරිස අතර සිටින වැඩිදෙනා කුඩා දරුවන් සහ කාන්තාවන් බව පැවැසෙයි.

යේමන යුද්ධය පවතින්නේ යේමනයේ සෞදි හිතවාදී රජය පෙරළා දැමීමට උත්සාහ ගන්නා හවුති සටන්කාමීන් සහ සෞදිය අතරේය. හවුති සටන්කාමීන්ට සෞදිය ගුවන් ප්‍රහාර එල්ල කරන්නේ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේත් ඇමෙරිකාවේත් උදව් ඇතිවය.

(අල් ජසීරා)


RECOMMEND POSTS