යේමනයෙන් දිවියෝ ගෙනල්ලා



යේමනයේ සිට සෞදි අරාබියට නීතිවිරෝධි ආකාරයෙන් දිවියන් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

නැගෙනහිර ජසාන් පළාතේ සිදුකළ වැටලීමකින් ජාවාරම්කරුවන් කීපදෙනෙක්සහ බෑග් තුළ සඟවා තිබු දිවියන් අත්අඩංගුවට ගෙන ඇත.

ජාවාරම්කරුවන් දිවියන් රැගෙන දේශසීමව හරහා පයින් සවුදි අරාබියට ඇතුල්වීමට උත්සහ කර ඇත.

නීතිමය පියවර ගැනීම සඳහා ජවාරම්කරුවන්ව අදාල බලධාරීන්ට භාරදීමට කටයුතු කර ඇති අතර දිවියන් ආරක්ෂාකාරීව තැබීමට නිලධාරීන් කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS