යුද සේවය මාස 4 කින් දිර්ඝ කරයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය අනිවාර්ය යුද හමුදා සේවාකාලය මාස හතරකින් දිර්ඝ කිරීමට පියවර ගෙන ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එමිරේට්ස් යුද හමුදා මූලස්ථානය සඳහන් කර ඇත.

එමිරේට්ස් තරුණයන්ටමාස දොළහක් කාලයක්අනිවාර්යයුද හමුදා සේවයේ යෙදීමටමීට පෙර අනිවාර්ය කර තිබු අතර මාස හතරකින් දීර්ඝ කිරීමත් සමග මාස දාහසයක (16) කාලයක් සේවයේ කිරීමට සිදු වේ.

යුද හමුදා සේවය එමිරෙට්ස් තරුණයන්ට අනිවාර්ය කිරීමෙන් පසු ආර්ථික, දේශපාලන, සාමාජීය මෙන්ම ආරක්ෂක යන අංශවල විශාල ප්‍රගතියක් දක්නට ලැබෙන බව එමිරේට්ස් ප්‍රවෘත්ති ඒජන්සිය නිකුත් කළ නිවේදනයක සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS