යානා 6ක් මිලදී ගනියි



කුවේට් ගුවන් සමාගම ඒ 320 වර්ගයේ ගුවන්යානා හයක් මිලදී ගෙන ඇති බව වාර්තා වේ.

ගුවන් මඟීන්ට ගුණාත්මක සේවාවක් සැපයීමේ එක් පියවරක් ලෙස ගුවන්යානා මිලදී ගැනීමට සමාගම කටයුතු කර ඇත.

මිලදී ගත්  ගුවන්යානා හය ඉදිරි මාසයේදි ගුවන් සමාගමට ලැ‍බෙන බව කුවේට් ගුවන් සමාගමේ සභාපති, යුසෙෆ් අල්- ජාසෙම් ප්‍රකාශ කළේ ය.

කුවේටය සහ තුර්කිය අතර ශක්තිමත් ගුවන් සේවයක් ඇති කිරීමට පියවර ගන්නා බව ඉස්තාම්බුල් නුවර නව ගුවන්තොටුපලේ සංචාරය කිරීමෙන් පසු අදහස් දක්වමින් සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS