යානා දෙකක් බිම හෙලයි



සෞදි අරාබියේ ජාසන් සහ අසිර් යන නගර දෙකට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඩ්‍රෝනා යානා දෙකක් පැමිණ ඇති බව වාර්තා වේ.

සෞදි රාජකීය ගුවන් හමුදාව සතු ප්‍රති-මිසයිල් ප්‍රහාරක පද්ධතිය මඟින් ප්‍රහාර එල්ල කර ඩ්‍රොනා යානා දෙක විනාශ කර දැමීමට කටයුතු කර ඇත.

ඉරානයේ සහය ලබන හවුති ගරිල්ලන් ප්‍රහාර එල්ල කිරීම සඳහාඩ්‍රෝනා යානා දෙක සානා අගනුවර සිට එවා ඇත.

එක් ඩ්‍රෝනා යානයක් රාත්‍රී 10.45ටත් අනික් යානය රාත්‍රී 11.45ට විනාශ කර දැමීමට ගුවන් හමුදාව සමත් වී ඇත.  

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS