මෝදි ඕමානයේ



මැදපෙරදිග සංචාරයක යෙදෙන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ කළ සංචාරය අවසන් කරමින් ඕමානයේ මස්කැට් බලා පැමිණියේය.

මෝදිගේ මැදපෙරදිග සංචාරයේ අවසානය වන්නේ මෙම ඕමාන් සංචාරයයි. ඕමානයට පැමිණි ඉන්දීය අගමැතිවරයා ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමට ඕමාන් සුල්තාන් කබූස් කටයුතු කළේය. එහිදී ඉන්දියාවත් ඕමානයත් අතර මිතුදම් තර කර ගැනුණු බව ද වාර්තා වේ.

ඕමාන්යේ වෙසෙන ඉන්දීය ප්‍රජාව අමතමින්, ඉන්දීය අගමැති මෝදි විශේෂ දේශනයක් ද පැවැත්වීය. එහිදී ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම ලෙස සැලකෙන රාහුල් ගාන්ධිගෝ කොංග්‍රස් පක්ෂය දැඩි ලෙස විවේචනය කළේය. ඉන්දීය අගමැතිවරයා ඕමානයේ ඉන්දියානුවන් ඇමැතුවේ, මස්කැට් හි සුල්තාන් කබූන් ක්‍රීඩාංගනයේදීය.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS