මෝදි අබුඩාබියේ



මැදපෙරදිග සංචාරයක් ආරම්භ කරමින්, පලස්තීන පාලන ප්‍රදේශයේ සංචාරයකට පැමිණි ඉන්දීය අගමැති මෝදි, එම සංචාරය අවසන් කිරීමෙන් පසු එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය බලා පැමිණියේය.

අබුඩාබි ඔටුන්න හිමිකුමරු සහ සයද් අල් නහ්යාන් හමුවී සාකච්ඡා පැවැත් වූ අතර වෙළෙඳ සහ තෙල් ගිවිසුම් කිහිපයකට අත්සන් තැබූ බව ද විදෙස් පුවත් සේවා වාර්තා කළේය.

ඩුබායිහි පැවැත්වුණු ලෝක රාජ්‍ය සමුළුව ආරම්භ වූයේ ද ඉන්දීය අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙනි. ඊට අමතරව ඩුබායි ඔපෙරා රඟහලේ දී ඉන්දීය අගමැතිවරයා එරට වෙසෙන ඉන්දියානුවන් අමතමින් විශේෂ දේශනයක් ද පැවැත්වීය.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS