මොරොක්කෝ රජුට හෘද සැත්තමක්



මොරොක්කෝවේ හයවන මොහොමඩ් රජුට හෘද සැත්කමක් සිදුකර ඇති බව වාර්තා වේ.

රබාත් නුවර රාජකීය මාළිගාවට අයත් සායනයේදී හෘද සැත්කම සාර්ථක සිදුකර ඇති බව මොරොක්කෝ ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරනවා.

56 හැවිරිදි මොහොමඩ් රජු, ඔහුගේ පියා වන දෙවන හසන් රජුගේ අභාවයෙන් පසු 1999 දී මොරොක්කෝවේ පාලකයා බවට පත්විය.

මීට පෙර 2018 පෙබරවාරි 26 දින හෘද සැත්කමක් සිදුකර ඇති බව වාර්තා වේ. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රබාත් නුවර)

RECOMMEND POSTS