මුහුණෙන් හඳුනාගනියි



කුවේට් අන්තර්ජාතික ගුවන්තොටුපොලේදි පුද්ගලයන් හඳුනාගැනීම සඳහා නවීන තාක්ෂණය භාවිතා කිරීමට ගුවන්සේවා අධිකාරිය කටයුතු කරයි.

ඒ අනුව, මුහුණෙන් පුද්ගලයන් හඳුණාගැනීමේ තාක්ෂණය (facial-recognition technology) ගුවන්තොටුපොලට හඳුන්වාදීමට අධිකාරිය කටයුතු කරන බව වාර්තා වේ.

වසරකට පමණ ඉහතදී විවෘත කළ හතරවන පර්යන්තයට තාක්ෂණය ස්ථාපිත කිරීමට සැළසුම් කර ඇත. 

ප්‍රමාදවීම් අවම කර ගුණාත්මක සේවයක් ගුවන්මඟීන්ට ලබාදීම සඳහා නවීන තාක්ෂණය ඉදිරියේදි ගුවන්තොටුපොලට හඳුන්වාදීමට කටයුතු කරන බව අධ්‍යක්ෂ ජෙනරාල්, යූසෙෆ් අල්-ෆවුසාන්කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS