මුහුණු ආවරණ පැළඳ විභාග ලියයි



ඊජිප්තු සිසුන් ලක්ෂ ගණනක් මුහුණු ආවරණ සහ අත්වැසුම් පැළඳ අවසාන විභාගයට පෙනී සිටින බව වාර්තා වේ.

කොරෝනා වෛරසය විශාල ලෙස ව්‍යාප්ත වෙමින් පවතින අවස්ථාවකදි විභාග පැවැත්වීම සම්බන්ධයෙන් දෙමාපියන් පිරිසක් විරෝධතාවය දක්වා ඇත.

සෑම පාසලකටම වෛද්‍යවරයෙක් සැපයීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇති අතර, ගිලන් රථ 2,500ක් විභාගය අවසන් වන තෙක් වෙන් කර තබා ඇත.

විභාගයට පෙර සෑම සිසුවකුගේම උෂ්ණත්වය පරීක්ෂා කර බලන අතර, ඉහළ ශරීර උෂ්ණත්වයක් ඇති ඕනෑම සිසුවෙකුගේ විභාගය කල් දැමීමට හෝ හුදකලාව තැබීමට කටයුතු කරයි.

රජයේ හා පෞද්ගලික පාසල්වල සිසුන් 670,000 කට ආසන්න සංඛ්‍යාවක් සහ ආගමික පාසල්වලින් 128,000 ක් විභාගයට පෙනී සිටීයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කයිරෝ නුවර)

RECOMMEND POSTS