මුදල් යැවීම 9% පහලට



සෞදි අරාබියේ සේවය කරන විදේශ ශ්‍රමිකයන් සිය රටවල්වලට යවා ඇති මුදල් ප්‍රමාණය 9%කින් පහත වැටී ඇති බව වාර්තා වේ.

2018 වර්ෂයේ අප්‍රේල් මාසයේ සෞදි රියාල් බිලියන 11.72ක් යවා ඇති අතර 2019 අප්‍රේල් මාසයේදි යවා ඇත්තේ සෞදි රියාල් බිලියන 10.72ක් බව සෞදි අරාබි මුදල් ඒජන්සිය ප්‍රකාශ කළේ ය.

විදේශ රටවල්වල සිටින සෞදි ජාතිකයන් සෞදි අරාබියට එවා ඇති මුදල් ප්‍රමාණය 2.4%කින් ඉහළ ගොස් ඇති අතර සෞදි රියාල් බිලියන 4.94 සිට බිලියන 5.00 දක්වා ඉහළ ගොස් ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS