මුදල් නෝට්ටු ඉවත් කරයි



ඕමානයේ භාවිතා කරන පරණ මුදල් නෝට්ටු භාවිතයෙන් ඉවත් කිරීමට එරට මහබැංකුව තීරණය කර ඇති බව වාර්තා වේ. 

වංචනික ක්‍රියාවන් අවම කිරීමේ අරමුණින් මාසයක කාලයක් තුල පරණ මුදල් නෝට්ටු භාවිතයෙන් ඉවත් කරන බව මහබැංකුව ප්‍රකාශ කළේ ය.

ඕමානය තුල නීතිවිරෝධි මුදල් නෝට්ටු විශාල ලෙස සංසරණය වන අතර ජුලි 01 දින සිට මාසයක කාලයක් තුල 1995 නොවැම්බර් 01 පෙර නිකුත් කරන ලද සියළුම මුදල් නෝට්ටු මාරු කරගන්නා ලෙස මහබැංකුව ජනතාවට දැනුම් දී ඇත. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS