මුදල් නොගත් හමුදා නිලධාරියාට උපහාර



හජ් ආගමික වතාවත් ඉටු කිරීම සඳහා පැමිණ කාන්තාවක් ලබාදුන් මුදල් ප්‍රතික්ෂේප කළ හමුදා නිලධාරියෙක්ට උපහාර දක්වා ඇති බව වාර්තා වේ.

හමුදා නිලධාරියාගේ සත්ක්‍රියාවට දක්වන උපහාරයක් ලෙස මෝටර් රථයක් සහ සෞදි රියාල් 100,000ක මුදක්  ලබාදීමට කටයුතු කර ඇති අතර ඔහුගේ උපාධි ප්‍රධානෝත්සවයෙන් පසු ඔහු කැමති නගරයක හමුදා කඳවුරකට අනියුක්ත කරන ලෙස සෞදි අභ්‍යන්තර කටයුතු අමාත්‍ය,අබ්දුලාසීස් බින් සවුඩ් බින් නයෙෆ් අල්-සවුඩ් කුමරු නියෝග කර ඇත.

හමුදා නිලධාරි, මජීඩ් බින් නාඩර් අල්-අබ්දුල්ලාසිස්, අල්-මාෂාර් උමං දුම්රිය පොල ආසන්නයේ වන්දනාකරුවන් මෙහෙයවමින් සිටින අතරතුර කාන්තාවක් පැමිණ මුදල් ලබාදීමට කටයුතු කර ඇති අතර හමුදා නිලධාරියා ආචාරශීලී ලෙස ප්‍රතික්ෂේප කර ඇත.

හමුදා නිලධාරියා මුදල් ප්‍රතික්ෂේප කරන ආකාරය අසල තිබු ආරක්ෂිත කැමරුවක සටහන් වී ඇති අතර අදාල වීඩියෝව සමාජ ජාල වෙබ් අඩවිවලට මුදාහැරීමට කටයුතු කර ඇත.

හමුදා නිලධාරියාට දුරකථනයෙන් කථා කර හජ් වන්දනා සමය සහ හමුදා පුහුණුව අවසන්වීමෙන් පසු තම අමාත්‍යාංශයට පැමිණෙන ලෙස අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා දන්වා ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS