මුදල් ඇමතිගේ අස්වීමට අනුමැතිය



කුවේට් මුදල් අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපියට කුවේට් අමීර්, ෂයික් සභා අල්-අහමඩ් අල්-ජබීර් අල්-සභා අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වේ.

මුදල් අමාත්‍ය, ආචාර්ය නයෙෆ් අල් හජ්රෆ්ගේ නම ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ නව මහලේකම් තනතුරු සඳහා යෝජනා කිරීම හේතුවෙන් කුවේට් නායකයා මුදල් අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපියට අනුමැතිය ලබාදී ඇත.

වැඩබලන මුදල් අමාත්‍යවරිය ලෙස මාරියම් අල්-අකීල් පත් කරන ලෙස කුවේට් නායකයා නියෝගයක් නිකුත් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS